Home COVID ඊයේත් ලක්ෂ 5කට කොවිඩ් එන්නත – රට පුරා එන්නත දුන් හැටි

ඊයේත් ලක්ෂ 5කට කොවිඩ් එන්නත – රට පුරා එන්නත දුන් හැටි

ඊයේත් ලක්ෂ 5කට කොවිඩ් එන්නත – රට පුරා එන්නත දුන් හැටි

මෙරට කොරෝනා වසංගතය මර්දනය උදෙසා කරනු ලබන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළත් ලක්ෂ 5කට අධික එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ජනතාව වෙත ලබාදී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයන් 511,142 නෙකුට එන්නත් ලබාදී ඇත.

පෙරේදා දිනයේදී ද එන්නත් මාත්‍රා 570000ක‍ට අධික සංඛ්‍යාවක් ලබාදී තිබුණි.

මේ වනවිට මෙරටට ලැබී ඇති එන්නත් වර්ග අතුරින් වැඩිම මාත්‍රා සංඛ්‍යාවක් ලැබී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් ය. එය 18,000,000කි.  ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 2,865,424ක් ද මොඩර්නා 1,500,000ක් ද ෆයිසර් 764,560ක් ද රුසියාවේ නිෂ්පාදිත සස්පුට්නික් වී 210,000ක් ද ලැබී තිබේ.

මෙරට තුළ වෙසෙන අවුරුදු 30ට වැඩි මුළු ජනනගහනය වන 11,496,906 සහ අවුරුදු 20-30ත් අතර 3,322,905 දෙනා‍ වෙත එන්නත් මාත්‍රා 12,468,949 දෙනකුට පළමු මාත්‍රාව ලබාදී ඇත.

දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 8,169,232කි.

මෙරට මුළු ජනගහනය 21,919,000කි.

දිස්ත්‍රික් මට්ටමින් එන්නත් බෙදා හැර ඇති ආකාරය පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Progress-MAP-of-Vaccination-31.08.2021.pdf” title=”Progress MAP of Vaccination – 31.08.2021″]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/District-Summary-on-31.08.2021.pdf” title=”District Summary on 31.08.2021″]

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here