තවත්
    මුල් පිටුවදේශීය පුවත්අලගියවන්නයි වෑගපිටියයි රටම අන්දයි - තාම ගෑස් නෑ

    අලගියවන්නයි වෑගපිටියයි රටම අන්දයි – තාම ගෑස් නෑ

    පසුගිය සඳුදා සිට වෙළඳපොල තුළ කිසිදු ගෑස් හිඟයක් නොපවතින බව පැවසුවද රටේ සියලු තැන්වල තවමත් ගෑස් හිඟය ඒ ආකාරයෙන්ම පවතින බව NewsWave වෙත අද (26) වනවිට අනාවරණය වේ.

    පැවති ගෑස් හිඟය නිමාවන බවට යම් ඉඟියක් හෝ පැමිණියේ ලාෆ් ගෑස් සමාගමට එතෙක් පැවති ගෑස් මිල ඉහළ දැමීමට අවසර දීම සමඟය.

    අදාළ මිල ඉහළ දැමීමත් සමඟ ලාෆ් ගෑස් සතියක කාලයක් තුළ රටටම ලබා දීමට සැළසුම් කර ඇතැයි ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.

    ඊට ඌණ පූර්ණයක් සපයමින් පසුගිය ඉරිදා ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පසුගිය සඳුදා සිට ගෑස් හිඟයක් නොපවතින බව පැවසීය.

    රටටම අඟුලු දැමීම සිදුව ඇති මොහොතක අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කළ හැකිව තිබිය දී රට පුරා ප්‍රාදේශිය මට්ටමෙන් ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟය තවමත් සම්පුර්ණයෙන් විසඳී නැත.

    ලිට්රෝ ගෑස් සැළකිය යුතු ලෙස අඛණ්ඩව නිකුත්වුව ද මිල වැඩිකරගත් ලාෆ්ස් ගෑස් තවමත් වෙළඳපොළේ කළුනික සෙවීමක් බවට පත්ව තිබේ.

    සාමාන්‍ය යෙන් මිල වැඩිකළ ගෑස් සිලින්ඩරයේ මිලට වඩා වැඩි මිලක් ඇතැම් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් ගෑස් සොයමින් කාලයත් ශ්‍රමයත් වැය කර ඇති බව NewsWave වෙත වාර්තා විය.

    පාරිභෝගිකයන්ට නිශ්චිත දිනයක් නොදන්වා ජනතාව කබලෙන් ලිපට දමමින් සිටිය දී අහිංසකයන්ගේ ශීර මාංශ උරා බීම වගකිවයුතු රජයකට හෝ විෂය භාර අමාත්‍යවරයකුට නොවටින බව සිහිපත් කළ පාරිභෝගිකයන් කිහිපදෙනෙක් ව්‍යාපාරිකයන් ගැන එවන් වගකීමකින් කතා කිරීමේ ඵලක් නැති බව නිවුස්වේව් වෙත කියා සිටියහ.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමට ජංගම දුරකථනය ඔස්සේ ඒ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහය ව්‍යවර්ථ විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img