Home COVID තවත් නගර ස්වයං-හුුදකලා වෙයි – පිටකොටුවේ තීරණය අද

තවත් නගර ස්වයං-හුුදකලා වෙයි – පිටකොටුවේ තීරණය අද

තවත් නගර ස්වයං-හුුදකලා වෙයි – පිටකොටුවේ තීරණය අද
පසුගිය දිින දෙක තුළ පිටකොටුව දිස්වූ අයුරු

කොරෝනා අවදානම හේතුවෙන්‌ රටපුරා නගර වසාදැමීමට වෙළෙඳ සංගම් පියවර ගනිමින් සිටින අතර පිටකොටුවේ වෙළඳසැල්‌ වසා තබන්නේ ද නැද්‌ද යන්න පිළිබද අද පැවැත්වෙන සාකච්ඡාවෙන්‌ පසු තීරණය කරන බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් ඖෂධ අලෙවිසැල්‌, ඉන්ධන පිරවුම්භල්‌ සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇත.

මේ අනුව අද සහ හෙට සහ අනිද්දා සිට කඹුරුපිටිය, වැලිමඩ, මීගමුව, කොච්චිකඩේ, සියඹලාණ්ඩුව යන නගර ද වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

මීගමුව, කොච්චිකඩේ නගර හෙට සිට මේ මස 25 වනදා දක්වා වසාතැබේ. අනිද්දා සිට් දින 15ක කාලයක්‌ සියඹලාණ්ඩුව නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසාදැමේ.

වැලිම්ඩ නගරයේ ව්‍යාපාරික ස්ථාන හෙට රාත්‍රි 10 සිට 26 වනදා අලුයම 4 දක්වා වසා තැබේ. කඹුරුපිටිය නගරයේ සියලුම වෙළඳසැල්‌ අනිද්දා සිට 25 වනදා දක්වා වසාතැබේ.

ඊයේ වනවිට රටපුරා නගර 32කට අධික සංඛ්‍යාවක් ස්වයං-හුදෙකලා ක්‍රියාමාර්ගයකට එළැඹීම හේතුවෙන් වසා දමා තිබුණි.

පසුගිය දිින දෙක තුළ පිටකොටුව දිස්වූ අයුරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here