තවත්
    මුල් පිටුවදේශීය පුවත්අනියම් පෙම මරණ තුනකින් කෙළවරවේ

    අනියම් පෙම මරණ තුනකින් කෙළවරවේ

    ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු තුනක් අද අලුයම සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මියගොස් ඇත්තේ නාවික හමුදා සෙබලෙකුගේ 28 හැවරදි බිරිඳ 10 හැවරදි දරුවා සහ ඇගේ අනියම් පෙම්වතා බව කියන 28 හැවරදි තරුණයෙකි.

    අනියම් පෙම්වතා යැයි කියන පුද්ගලයා විසින් නාවික සෙබලාගේ බිරිදත් දරුවාත් පහරදී ඝාතනයකර ඔහුද සියදිවි හානිකරගෙන ඇතැයි ගල්ගමුව පොලීසිය කියයි. සියදිවි හානිකරගත් අනියම් පෙම්වතා විසින් ලියන ලද ලිපියක්ද පොලීසියට එම ස්ථානයේ තිබී හමුවී ඇත.

    නාවික සෙබලා ඒ වන විට නිවසේ සිට නැත. ඔහු සති කිහිපයක් එක දිගට නිවසට නොපැමිණ රාජකාරියේ නිරතව සිටින්නෙකි.

    ඝාතනයට ලක්වූ ඔහුගේ බිරිඳ සහ අනියම් පෙම්වතා පාසල් සමයේ සිට මිතුරන් බවත් මෑත කාලයේදී දෙදෙනා අතර අනියම් පෙම් සම්බන්ධයක් ඇතිව තිබෙන බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. අනියම් පෙම්වතා කොන්ත්‍රාත් වැඩවල නිරතව සිටින්නෙක් වන අතර ඊයේ පෙරවරුවේ ඔහු ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්වීම සදහා නිකවැරටියේ පැවැති සම්මුඛ පරීක්ෂණයකටද සහභාගිවී ඇත.

    පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව සති දෙකකට පමණ පෙර නාවික සෙබලාගේ බිරිද මෙම සම්බන්ධය නතර කිරීමට තීරණය තිබේ. එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් පවා සිදුව ඇති අතර නාවික සෙබලාගේ බිරිඳ සිය ජංගම දුරකතනයේ සිම්පත පවා වෙනස්කර ඔහුව මගහැර ඇත.

    පොලීසිය සදහන් කරන්නේ ඊයේ රාත්‍රි කාලයේ අනියම් පෙම්වතා නිවසට පැමිණ ඒ සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිකර ගනිමින් මෙම ද්විත්ව ඝාතනය කර ඇති බවයි. එම අවස්ථාවේදී නිවසේ ඇගේ පස් හැවරදි දියණිය නිදාගෙන සිට ඇති අතර ඇය පාන්දර ඇහිරී බලන විට මව නැති බැවින් අසල නිවසකට ගොස් මව නිවසේ නොමැති බව සදහන්කර ඇති බවත් ඒ අනුව කළ විපරම් කිරීමේදී මළ සිරුරු හමුවී ඇති බවත් පොලීසිය කියයි.

    ගල්ගමුව මහේස්ත්‍රාත් අද එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img