Home උණුසුම් පුවත් ‘රණ බිමෙන් ගොවි බිමට – සරුපසේ පෙරළිය’ රජරටට

‘රණ බිමෙන් ගොවි බිමට – සරුපසේ පෙරළිය’ රජරටට

‘රණ බිමෙන් ගොවි බිමට – සරුපසේ පෙරළිය’ රජරටට

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිටින රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභීන් ඉලක්ක කොට ඔවුන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිරි ගැන්වීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහනක් මහඉලුප්පල්ලම පිහිටි සේවා සංස්කරණ අභ්‍යාස විද්‍යාලයේ දී පසුගියදා පවත්වන ලදි.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රණක්ෂිතයට පත්ව සිටින කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ඇතුළු 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහන මහඉලුප්පල්ලම දී පවත්වනු ලැබීය.

ප්‍රායෝගිකව කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් මෙම වැඩසටහන මගින් සිදු කරන ලද අතර මෙම ව්‍යාපෘතියේ මාධ්‍ය අනුග්‍රහය සඳහා ලංකා බැංකුව අත්වැල් බැඳගෙන සිටී.

එමෙන්ම මෙම වැඩමුළුව සඳහා සහභාගි වන කාබනික නිෂ්පාදනයන්ට ව්‍යාපාරික වශයෙන් යොමු වීමට කැමැත්තක් දක්වන රණවිරු පවුල් සඳහා අවශ්‍ය මූල්‍ය සහ ප්‍රාග්ධන පහසුකම් සැලසීමේ මැදිහත්කරුවා ලෙසද ලංකා බැංකුව ඉදිරිපත්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here