fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටයි චර්යා රටාවයි වෙනස් කලහොත් දියවැඩියා රෝගය පාලනය අපහසු නැහැ

    කටයි චර්යා රටාවයි වෙනස් කලහොත් දියවැඩියා රෝගය පාලනය අපහසු නැහැ

    අද වන විට බෝ නොවන රෝග මිනිස් සිරුර ආක්‍රමණය  කරගෙන තිබෙන්නේ මිනිසාවත් නොදැනුවත්වයි. ඒ අතර අංක එකට පත් වී නිහඩ මාරයකු වී සිටින දියවැඩියා රෝගයට පාර කපා ගන්නේ අපිම කිව්වොත් නිවැරදියි.

    මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය විසින්.

    ඔබ දන්නවද ? නොදැනුවත්වම දියවැඩියාව ඔබේ සිරුරේ තිබීමට පුළුවන්.

    අද වන විට අපේ රටේ දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම ඉහළයි. රෝග ලක්ෂණ හඳුනාගත නොහැකි ලෙසට සිරුර තුළ තිබිලා මතුවෙනවා. මේ රෝගයේ තියන භයානක තත්ත්වය ද ඒකයි.

    දියවැඩියා රෝගය හඳුනාගත හැකි මුලික ලක්ෂණ

    • වැඩිපුර පිපාසය ඇතිවෙනවා.
    • රෑ නින්දෙන් ඇහැරි මුත්‍රා පිටකිරිමේ අවශ්‍යතාවය එනවා. සමහර වේලාවට වාරවල් 02-03 වෙන්න පුළුවන්.
    • මුත්‍රා සමඟ සීනි පිටවීම හා මුත්‍රා වැඩිපුර පිටවීම නිසා පිපාසය අධික ලෙස දැනෙනවා.
    • සිරුරේ ඇතිවන තෙහෙට්ටුව

    මෙහි තියන ප්‍රබලම ලක්ෂණය තමයි පිරිපුන්ව ඉඳලා සිරුර අසාමාන්‍ය ලෙස කෙට්ටු වීම. සමහරු මෙය වරදවා තේරුම් ගන්නවා. ස්ථුලව හිටපු කෙනෙක් ඇඟ අඩුවීම ගැන.

    ඒත් ඔබ මේ සිරුරේ අසාමාන්‍ය වෙනස හඳුනා ඉක්මන් වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුයි.

    • සමහරුන්ගේ සිරුරේ තුවාලයක් ඇති වු විට ඉක්මණින් සුව නොවීම.
    • මුත්‍රා අමාරු විදියටත් රෝග ලක්ෂණ එන්න පුළුවන්.

    උදා: සමහර වේලාවට මුත්‍රා මාර්ග අවට කැසීම වගේම යෝනි මාර්ගය හරහා ශ්‍රාවයන් පිටවීම.

    මෙවැනි ලක්ෂණ තමයි මේ රෝගයෙහි පොදු ලක්ෂණ.

    විශේෂයෙන් වෛද්‍යවරයෙකු හරහා ඔබේ සීනි මට්ටම පරික්ෂා කර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් මේ ලක්ෂණ පහළ වීමට කලින් හඳුනාගැනිමේ හැකියාව තියනවා එහි දී.

    තව, සිරුරේ අනවශ්‍ය ස්ථුලතාවය පාලනය ද වැදගත්. නැත්නම් ඒ හරහා කොලස්ටරෝල්, අධිරුධිර පීඩන වැනි අනෙකුත් නොවන රෝග ඇති විට පුළුවන් වගේම හෘදයාබාධ, අංශභාග වැනි අතුරු තත්ව එන්නේ. මේ රෝගයන් අන්තිම අවදිය තුළයි.

    • දියවැඩියාව හැදුනොත් පාලනය විතරයි පුළුවන්.

    රෝගය වැළදුණු පසු රෝගියාට කළ හැකි උපරීම දෙය නම් රෝග පාලනය විතරයි. ඒත් ඔබ උත්සහ ගත යුතුයි මේ රෝගය වැළඳිම වළකා ගන්න. එය කරන්න ඕනි පුංචි කාලයේ සිටමයි. ඒ තුළින් ආරෙන් නැත්නම් ජාන හරහා ඇති වන දියවැඩියා තත්වය පවා ටිකක් ප්‍රමාද කරගැනිමේ හැකියාව තියෙනවා.

    දියවැඩියා රෝගයේ තියන භයානක පැත්ත තමයි සිරුරේ හැම අවයවයකටම බලපෑම් කිරීම. ඒ හරහා ජිවිතයේ ගුණාත්මකභාවය වගේම අකාලයේ ජිවිතය ද කෙටි වීමට පුළුවන්.

    නමුත් රෝගය පාලනය කිරීම තුළ ඔබට අවුරුදු 85/90 ආයුෂ සුවසේ භූක්තිවිඳිමට හැකියාව තියනවා.

    • මව්පිය ඔබගේ වගකීමක් වගේම යුතුකමක් දරුවාගේ අනාගත ජිවිතය නිරෝගී සෞඛ්‍ය සම්පන්න කිරීම.

    පුංචි කාලයේ ඉදන්ම දරුවාගේ ආහාර පාන ගැන සැලකිලිමත් වීම වැදගත්.

    පිෂ්ඨය අඩු ආහාර වේල් ප්‍රමාණ අඩුකර ඒ සඳහා වැඩිපුර එළවළු/පළතුරු/පලා වර්ග එකතු කිරීම හා සීනි/ පිටි/තෙල්/ක්ෂණික රසායනික යෙදු කෘතිම ආහාර පාන පාලනය කිරීම දරුවා ට හුරු කිරීම.

    මොකද අද වන විට ළමා දියවැඩියාව රෝගී තත්වය ද ඉහළ අගයක තියනවා. ඒ වගේම දරුවා ඔබේ පහසුවට දරුවාට කඩ කෑම හුරු කරවීම නොකල යුතු අතර Computer,TV,Phone වලට දරුවාව හුරු නොකර ක්‍රියාශීලි දරුවකු කිරිම ද වැදගත්. මොකද දරුවා කෘතිම රොබෝ කෙනෙක් වගේ වීම තුළ ස්ථුලතාවයට ගොදුරු වෙනවා. අධික ස්ථුලතාවය මේ රෝගය වැළඳිමට ප්‍රධාන හේතුවක් වෙනවා.

    • බඩයි හිතයි පිරෙව්වොත් සොරිම තමයි.

    අපේ රටේ හුරු වෙලා තියෙන්නේ බඩයි හිතයි පිරෙන්න නම් බත් හොඳට තුන්වේලට කන්න ඕනි කියලා. ඒකට කරන්නේ ලොකු බත් පිඟානක් පුරව ගෙන එළවළු/පලා චුට්ටක් බෙදා ගෙන හොඳට කනවා.

    මේ රටාවෙන් බැහැර නොවුණහොත් ඉතිං බෙහෙත් හරහාවත් පාලනය කරගන්න බැරුව යනවා.

    මොකද අද අපේ රටේ කාර්යාල ජිවිත ගත කරන ප්‍රමාණය වැඩියි. ඒ අයට මේ වගේ ලොකු බත් පිඟානකට හුරුවීම කොහෙත්ම නුවණට හුරු නැහැ.

    • ඔබේ කෑම පිඟාන අද ඉඳං මේ රටාවට හදාගන්න බලන්න.

    බත් අඩුවෙන්, පලා අඩු කෝප්පක්/එළවළු වැඩිපුර අරන් බලන්න.

    ඒ වගේම හොඳින් දිනකට අවශ්‍ය ජලය පානය ද වැදගත් එයින් මේ රෝගය පාලනයට ගොඩක් උදව් වෙනවා.

    • මෙහෙම කෑවට මදි ක්‍රියාශිලී වීමත් වැදගත්.

    කාලා හැබැයි නිකම් ඉඳලා බෑ. හොඳින් ව්‍යායාම වලට යොමුවීම වැදගත්.

    ඖෂධ වගේම නිසි ආහාර රටාව හා ක්‍රියාශීලිතාවය (ව්‍යායාම) තුළින් වගේම පවුලේ ආදරනීයනුත් දායක කරගැනීම තුළ මේ රෝගය වළකා ගන්න වගේම රෝගය සෑඳි ඇත්නම් පාලනය තුළින් ඔබට නිරෝගී සුවබර දීර්ඝායුෂ ජිවිතයකට මඟ කියාවී.

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.