තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර අනිද්දා ගොඩගනී - විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකුත්

    රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර අනිද්දා ගොඩගනී – විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකුත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ නිවසේ සිටියදී පිලිස්සී මියගිය මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම් කර තිබේ.

    ඒ, නීතිපතිවරයාගේ නිර්දේශය පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම අනුවයි.

    එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් අනිද්දා (30) දැරියගේ භූමදාන කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියට ගොස් එම සිරුර ගොඩ ගැනීමට නියමිතව තිබේ.

    මෙම කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අය පත් කර තිබේ.

    ඩයගම ප්‍රදේශයේ වළදමා ඇති දේහය, මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ගොඩගැනීම සිදුකරනු ලබයි.

    ඊට අමතරව අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් මෙම ගොඩගැනීම සඳහා ලබන තිස් වෙනිදා සහභාගිවීමට නියමිතව තිබේ.

    ඒ් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

    විශේෂයෙන්ම මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දූෂණයකට ලක්ව ඇත්ද? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක්ද? මෙම දැරියට කෲර වදහිංසා හෝ වෙනත් කරුණු සිදු කර ඇද්ද යන සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගින් වාර්තා ලබාගැනීමට නියමිත ය.

    ඒ අනුව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img