තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙහෙකාර දැරියගේ මියයාම ගැන රිෂාඩ් බදියුදීනුත් සැකකරුවෙක් - නීතිපති දන්වයි

    මෙහෙකාර දැරියගේ මියයාම ගැන රිෂාඩ් බදියුදීනුත් සැකකරුවෙක් – නීතිපති දන්වයි

    සිය නිවසේ සිදුවූ 16 හැවිරිදි ගෘහ සේවිකාවකගේ මරණය සහ තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද අනාගතයේ දී සැකකරුවෙකු බවට පත්කරන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සියලු දෙනා පොලිස් අත්අඩංගුවේ ප්‍රශ්න කරමින් සිටි අතර අද අධිකරණය හහමුුවට ඉදිරිිපත් කිරීමෙන් පසුව එළඹෙන අගෝස්තු 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මන්ත‍්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔවුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත.

    එමෙන්ම දැරියගේ මෘත ශරීරය යලි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img