තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකටුගස්තොට අනතුරෙන් පසු උපෙක්ෂා ස්වර්ණමාලි කළ දේ

    කටුගස්තොට අනතුරෙන් පසු උපෙක්ෂා ස්වර්ණමාලි කළ දේ

    ජනප්‍රිය රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරකට ලක්වන්නේ මෙරට ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකාවක විකාශය වන ජනප්‍රිය රියැලටි වැඩ සටහනක පෙර පුහුණුවීම් අවසන්ව ඇය නවාතැන් ගෙන සිටින ඥාති නිවසකට ගමන් කරමින් සිටියදීය.

    එම රියැලටි වැඩසටහනේ පෙර පුහුණුවීම් මහනුවර දී මේ දිනවල සිදුවන බවත් ඒ වෙනුවෙන් ඇය ඉකුත් 19 වෙනිදා සිට අලදෙණියේ ඥාති නිවසක නවාතැන් ගෙන සිටින බවත් සදහන්ය.

    පුහුණුවීම් අවසන්ව ඇය ඊයේ සුපුරුදු ලෙස වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පදවාගෙන අලදෙණිය බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේදී වැසිබර කාලගුණයක් තිබී ඇත. ‍අනතුරට ලක්වුණු යතුරුපැදිය පදවා ඇත්තේ අවුරුදු 18 ක් පමණ වයසැති තරුණයෙක් බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී කටුගස්තොට පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. එම තරුණයාව පේරාදෙණිය රෝහලට ඇතුලත්කර අනතුරුව ඔහුගේ දෙමාපියන්ටද ඒ බව දැනුම් දී ඇත්තේ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය විසින් බවද එම නිලධාරිය කීය. අනතුරුව උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ස්ථානයට පැමිණ එම අනතුර වාර්තා කළ බවත් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුව බවත් එම නිලධාරියා කීය. මෝටර් රථයේ ගැයී යතුරු පැදිය බිම වැටෙන විට තරුණයාගේ උරහිස බිම වැදී ඇති බවත් ඒ තුළින් තරුණයාගේ උරහිසකට සුළු හානියක් සිදුව ඇතත් එය බරපතල නොවන බව පේරාදෙණිය රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසුමකදී සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img