Home උණුසුම් පුවත් විදුහල්පතිවරු තවදුරටත් ඔන්ලයින් රාජකාරියෙන් ඉවත් වෙති

විදුහල්පතිවරු තවදුරටත් ඔන්ලයින් රාජකාරියෙන් ඉවත් වෙති

විදුහල්පතිවරු තවදුරටත් ඔන්ලයින් රාජකාරියෙන් ඉවත් වෙති

අංජනා මල්ලවාරච්චි

නිරෝධායනයට යොමුකර සිටින ගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරකයින් නිදහස් කළද අනෙකුත් ගැටලු විසදෙන තුරු විදුහල්පතිවරුන් මාර්ගගත (ඔන්ලයින්) රාජකාරිවලින් ඉවත් වන බව විදුහල්පති සංගම් සඳහන් කරයි.

ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ථ ලංකා ශ්‍රේණිධාරී විදුහල්පති එකමුතුව, දකුණු පළාත් විදුහල්පති සංගමය, ස්වාධීන ශ්‍රේණිධාරී විදුහල්පති එකමුතුව, මධ්‍යම පළාත් වෘත්තීය ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය යන සංගම්වලට අයත් සියලුම සාමාජිකයන් මාර්ගගත රාජකාරිවලින් ඉවත් වන බව ද එම සංගම් අධ්‍යාපන ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබේ.

වෘත්තීය සමිති නායකයින්ට ප්‍රසිද්ධියේ හිරිහැර කිරීම, මාර්ගගත අධ්‍යාපනය සිදු කිරීම සඳහා කිසිදු පහසුකමක් ලබානොදීම, වසර 24ක් තිස්සේ පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අනියම් ක්‍රම මගින් සේවා ව්‍යවස්ථාවට පටහැනිව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බඳවා ගැනීම ඇතුළු කරුණුවලට විරෝධය දක්වමින් රට පුරා සියලුම විදුහල්පතිවරුන් ඔන්ලයින් රාජකාරිවලින් ඉවත් වන බව එම සංගමය පවසයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here