Home උණුසුම් පුවත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා වන්දි සාකච්ඡාවට විපක්ෂ නායකත් එක්වෙයි

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා වන්දි සාකච්ඡාවට විපක්ෂ නායකත් එක්වෙයි

0
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා වන්දි සාකච්ඡාවට විපක්ෂ නායකත් එක්වෙයි

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අදාළව අධිකරණ ඇමති අලිසබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද (12) සහභාගිවී ඇත.

වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, විසිතුරු මත්ස්‍ය හා බහුදින ධිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගිවී සිටිති.

සතියේ සෑම දිනකම එක්ස්ප්‍රස් පර්ලි නෞකා ගින්න සම්බන්ධයෙන් අලි සබ්‍ර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන බවත් නව දේශපාලන ප්‍රවණතාවක් වෙනුවෙන් ඊට සහභාගිවන ලෙසත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉකුත් සතියේ කළ විවෘත ආරාධනාවක් කළේය. එම ආරාධනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගනිමින් පාර්ලිමේන්තුවේදි සදහන් කරනු ලැබුවේ අනිවාර්යෙන්ම මෙම සතියේ සිට එම රැස්වීමට තමා සහභාගිවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here