Home දේශීය පුවත් අන්තර් ජාලයෙන් 15 වියැති දැරිය මිලදී ගත් එ ස්.අයි සමග විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකුත් කොටුවේ

අන්තර් ජාලයෙන් 15 වියැති දැරිය මිලදී ගත් එ ස්.අයි සමග විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකුත් කොටුවේ

0
අන්තර් ජාලයෙන් 15 වියැති දැරිය මිලදී ගත් එ ස්.අයි සමග විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකුත්  කොටුවේ

අන්තර් ජාලයේ දැන්වීමකට අනුව 15 වියැති දැරියක් මිලදී ගෙන ඇය සමග එකට සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගත්තේය.

උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින බාස්කට් බෝල් ක්‍රීඩකයෙකි. ඔහු මඩකලපුවේ පදිංචිකරුවෙකි. 25 වියැති එම පොලිස් නිලධාරියා පසුගිය දිනවල නිරෝධායනය සදහා යොමුකර සිට ඇත. නිරෝධායනය අවසන්ව ඔහු අද ළමා හා කාන්තා අපයෝජව වැලැක්වීමේ කාර්යාංශයට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික බැංකු කළමනාකරු වයස අවුරුදු 62 ක් වන ගල්කිස්සේ පදිංචි කරුවෙකි. රජයේ බැංකුවක සේවයකර ඇති ඔහු පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ සදහන් කර ඇත්තේ ඇයව තමා මුණ ගැසුනේ සම්බහනයක් සදහා පමණක් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here