Home උණුසුම් පුවත් කරුංකා ජාවාරමකට කෘෂිකර්ම ලොක්කියන් දෙදෙනකු අත්අඩංගුවට

කරුංකා ජාවාරමකට කෘෂිකර්ම ලොක්කියන් දෙදෙනකු අත්අඩංගුවට

කරුංකා ජාවාරමකට කෘෂිකර්ම ලොක්කියන් දෙදෙනකු අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කළ රුපියල් මිලියන 300 ක් පමණ වටිනා කරුංකා කන්ටේනර් 23 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බව සදහන්කර ඉඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවක් සහ කෘෂිකර්ම උපදේශිකාවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියාවෙන් රැගෙන පැමිණි කන්ටේනර් ප්‍රති අපනයනය සදහා නිරෝධායන සහතික ඇතුළු ලේඛන භෞතික පරීක්ෂාවකින් තොරව ව්‍යාජ ලෙස සකස්කර දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම කන්ටේනර් මෙරටට ආනයනය කර ඇත්තේ ඉකුත් වසරේ අගෝස්තු ,සැත්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස වලදීය.

මේ සම්බන්ධයෙන් වූ පැමිණල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇත්තේ රේගු දෙපාදෙපාර්තමේන්තුවෙන් බව අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මූලික විමර්ශනයේදී සහකාර රේගු අධිකාරිවරයෙකු ඉකුත් අප්‍රේල් 12 වෙනිදා අත්අඩංගුවට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here