Home උණුසුම් පුවත් අන්තරේ විරෝධතාවට දුන් පොලිස් ප්‍රතිචාරය විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙළාදකිති

අන්තරේ විරෝධතාවට දුන් පොලිස් ප්‍රතිචාරය විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙළාදකිති

අන්තරේ විරෝධතාවට දුන් පොලිස් ප්‍රතිචාරය විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙළාදකිති

අංජනා මල්ලවාරච්චි

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් ගුරු සංගම් කිහිපයක් සිදුකළ සාමකාමී විරෝධතාවයට එල්ල කළ කුරිරු පොලිස් ක්‍රියාමාර්ගය තරයේ හෙළා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු එම පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවා තිබූ සාමකාමී විරෝධතාවක එරෙහිව අත්තනෝමතික හා කුරිරු පොලිස් ක්‍රියාමාර්ගය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව එම නිවේදනයේ සඳහන්ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය වී. ඩී. එච්. බන්නැහැක මහතාගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර තිබිණ. කාර්යාල, ස්පා සහ බොහෝ ක්‍රියාකාරකම්වලට ඉඩ සලසා දෙන නමුත් සෞඛ්‍ය සෞඛ්‍ය රෙගුලාසි වලට සැඟවී තම සාමකාමී විරෝධතා වැළැක්වීම පිටුපස ඇත්තේ අඳුරු උත්සාහයකැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here