Home දේශීය පුවත් කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ 31 ක් අත්අඩංගුවට

කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ 31 ක් අත්අඩංගුවට

0
කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ 31 ක් අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සංවිධාන රැසක් විසින් අද බත්තරමුල්ල පොල්දූව වටරවුම ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණය නිරෝධායන නීතියට පටහැනි බැවින් එම උද්ඝෝෂණයේ නිරතව සිටි 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ අතර භික්ෂූන් වහන්සේ දෙනමක්ද, කාන්තාවන් දෙදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා සදහන් කළේය. අත්අඩංගුවට ගත් සෙසු අය අතර ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් මහතාද සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here