Home උණුසුම් පුවත් 15 වියැති දැරිය මිලදී ගත් හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

15 වියැති දැරිය මිලදී ගත් හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

15 වියැති දැරිය මිලදී ගත් හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක අන්තර්ජාලයෙන් මිලදී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ දැරිය විකිණීමට අතරමැදියකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ වැලැක්වීමේ කාර්යාංශය මගිනි.

මෙම විශේෂඥ වෛද්‍යවරයා නාවික හමුදා රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍ය වරයෙකු බවට අනාවරණය වී තිබේ.

ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටින නිවසේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර 15 හැවිරිදි මෙම දැරිය විකිණීමට අතරමැදියකු ලෙස කටයුතු කළ 33 හැවිරිදි කිරිවත්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 34 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර දැරියගේ මව, පාදේශීය සභා උප සභාපතිවරයෙක්, නාවික කපිතාන්වරයෙක්, චීවරධාරියෙක්, මාලදිවයිනේ හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයෙක්, සෝයාමීට් සහ කුළුබඩු ව්‍යාපාරිකයෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක්, වෙබ් අඩවි කරුවන්, දැන්වීම සාදන්නන් ඇතුළු ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ ජංගම දුරකථන ඔස්සේ අනාවරණය වූ තොරතුරු මත තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනය කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here