Home දේශීය පුවත් වනජීවී නිලධාරියෙකුට පහරදුන්බව කියන මේජර් ජනරාල් අත්අඩංගුවට

වනජීවී නිලධාරියෙකුට පහරදුන්බව කියන මේජර් ජනරාල් අත්අඩංගුවට

වනජීවී නිලධාරියෙකුට පහරදුන්බව කියන මේජර්  ජනරාල් අත්අඩංගුවට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීයෙකුට පහරදී රාජකාරියට බාධා කළේයැයි කියන යුද හමුදා මේජර් ජනරල්වරයා හබරණ පොලීසිය අද (01) අත්අඩංගුවට ගෙන
තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවන හානිය ගැන සලකා බලා තමා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත්වන බව සදහන් කරමින් අද පෙරවරුවේ හබරණ පොලිස් ස්ථානයට පැමිණ ඉදිරිපත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

එසේ භාරවුණු එම මේජර් ජනරාල්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහුව මේ වන විට කැකිරාව අධිකරණයට ඉදිරිපත්කර ඇති බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම සිදුවීමට අදාලව දෙපාර්ශවයෙන්ම හබරණ පොලීසියට පැමිණීලි ලැබී ඇති බවත් ඒ පැමිණිලි දෙකම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here