Home COVID වාද්දූවේ විහාරස්ථානයක හිමිවරු ඇතුළු 30 කට කොවිඩ්

වාද්දූවේ විහාරස්ථානයක හිමිවරු ඇතුළු 30 කට කොවිඩ්

0
වාද්දූවේ විහාරස්ථානයක හිමිවරු ඇතුළු 30 කට  කොවිඩ්

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා 26 නමකට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඊට අමතරව විහාරස්ථායේ සිටි ගිහි පුද්ගලයින් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවද තහවුරු වී ඇත.

විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා කිහිපනමකට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම්කිරීම හේතුවෙන් පෙරේදා (28) කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ස්වාමීන් වහන්සේලා පස්දෙනෙකුට හා ගිහියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව මුලින්ම තහවුරු වී තිබේ.

අනතුරුව එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ 83 දෙනෙකුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් 21 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඊට අමතරව එහි සිටින ගිහි පුද්ගලයින් 03 දෙනෙකුටද කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිත ස්වාමින් වහන්සේලා අතර විහාරාධිපති හිමියෝද සිටිති.

ඒ සියළු දෙනාම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here