Home උණුසුම් පුවත් ‘ඇත්ත කතාකරන්න හැබැයි බොරු කියන්න එපා’ – ඇප ලැබූ අසේලට විපක්ෂ නායකගෙන් අවවාදයක්

‘ඇත්ත කතාකරන්න හැබැයි බොරු කියන්න එපා’ – ඇප ලැබූ අසේලට විපක්ෂ නායකගෙන් අවවාදයක්

‘ඇත්ත කතාකරන්න හැබැයි බොරු කියන්න එපා’ – ඇප ලැබූ අසේලට විපක්ෂ නායකගෙන් අවවාදයක්

කොවිඩ් එන්නත් සම්බන්ධව වැරදි තොරතුරු සමාජ ගත කළේ යැයි පැමිණිල්ලකට අදාළව රහස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණු ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඇප ලබාගැනීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

අසේල සම්පත් මහතාගේ වෙනුවෙන් ඇප ලබාගැනීම උදෙසා අධිකරණය හමුවේ පෙනී සිටිමින් නීතිඥ සහය ලබාදී ඇත්තේ සමගි ජන බලවේගය බව විපක්ෂනායකවරයා පැවැසීය.

මෙම හමුව සිදුවූ අවස්ථාවේදී විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ “කතා කිරීමේ නිදහස ව්‍යවස්ථාවෙන් ලද මානව අයිතිවාසිකමක්. බය නැතුව කතාකරන්න ඔ්න දේකට අපි ඉන්නවා. හැබැයි බොරු කියන්න එපා ඇත්ත කතාකරන්න. ඇත්ත කියන්න බයවෙන්න ඔ්න නෑ.” යනුවෙනි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ කතා කරන විට ඉතා සංවේදී වූ අසේල සම්පත් මහතාගේ දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් ටැබ් ආදිය රැගෙන දී උපකාර කිරීමට ද මෙහිදී විපක්ෂ නායකයා එකඟ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here