Home COVID ලංකාවේ වවුල් වර්ග 2කට කොරෝනා

ලංකාවේ වවුල් වර්ග 2කට කොරෝනා

0
ලංකාවේ වවුල් වර්ග 2කට කොරෝනා

කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ආයතනය සිදුකරන ලද පර්යේෂණයකදී ලංකාවේ වවුලන්ගේ මලපහවල ඇල්ෆා සහ බීටා නම් වූ කොරෝනා වෛරස් ප්‍රභේද ඇති බව
හඳුනාගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන තේජානි පෙරේරා මෙම පර්යේෂණයට මුල් වී ඇත. ඇය සඳහන් කරන්නේ වවුලන් 395කින් ලබාගත් සාම්පලවල සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව වෛරසය ඇති සාම්පල 33ක් හඳුනාගත් බවය.

මෙම අධ්‍යන කටයුත්ත ඇය විසින් ආරම්භකර ඇත්තේ 2017 වසරේදීය. ශ්‍රී ලංකාවේ වවුල් වර්ග දෙකකින් ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස හදුනා ගනු ලැබූ බවද ඇය සදහන් කරන්නීය. මෙම වෛරසය වවුලන්ගෙන් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වන බවක්

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු වී නැති බවද ඇය වැඩිදුරටත් සදහන් කරන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here