Home උණුසුම් පුවත් දුමින්ද නිදහස් කළේ නිසි පියවරයන් අනුගමනය කරලද? – නීතිඥ සංගමය අසයි

දුමින්ද නිදහස් කළේ නිසි පියවරයන් අනුගමනය කරලද? – නීතිඥ සංගමය අසයි

දුමින්ද නිදහස් කළේ නිසි පියවරයන් අනුගමනය කරලද? – නීතිඥ සංගමය අසයි

හිටපු දේශපාලනඥයකු වන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වරදකරුවකු වී සිර දඩුවම් විඳිමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව දී නිදහස් කිරීම සිදු වුයේ ඒ සම්බන්ධයෙන් පවතින නීත්‍යනුකූල පියවර ගැනීමෙන් අනතුරුව ද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසා සිටී.

නීතිඥ සංගමයේ මෙම කරුණු විමසීමට හේතු ලෙස කරුණු 6ක් ඉදිරිපත් කර තිබේ.

ඉන් එකක් වන්නේ මිනීමැරුම් චෝදනා ලබා සිරගතව සිටින අයෙකු නිදහස් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව නිදහස් කිරීමේ දී ඊට හේතුවූ කරුණු දැක්වීම ය.

එමෙන්ම එම ඝාතන නඩුවේ විනිශ්චය ලබා දුන් විනිසුරුවරුන්ගෙන් ඒ පිළිබද වාර්තාවක් ලබාගත යුතුය.

ඉන් පසුව මේ පිළිබඳ නීතිපතිවරයාගෙන් ද වාර්තාවක් කැඳවිය යුතු ය.

ඊට අමතරව අධිකරණ අමාත්‍යවරයාගේ ද වාර්තාවක් මේ සම්බන්ධයෙන් ලබා ගත යුතු බව නීතිඥ සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීමේදී ඉහත කී පියවර අනුගමනය කළේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here