Home COVID කොවිඩ් සුවවූ අයකුට කොවිෂීල්ඩ් එක එන්නතක් ඇති – නවතම සොයාගැනීමක්

කොවිඩ් සුවවූ අයකුට කොවිෂීල්ඩ් එක එන්නතක් ඇති – නවතම සොයාගැනීමක්

කොවිඩ් සුවවූ අයකුට කොවිෂීල්ඩ් එක එන්නතක් ඇති – නවතම සොයාගැනීමක්

කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලකුට කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව ඉන්දියාාවේ වෛද්‍ය පර්යේෂණ සභාව සහ එරට අසාම් වෛද්‍ය විද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් සිදුකළ නවතම අධ්‍යයනකදී හෙළිවී තිබේ.

මේ අනුව කොවිඩ් වයිසරය වැළඳී සුව වූ පුද්ගලයකුගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමක් කිරීමට එය ප්‍රමාණවත් බව ඔවුහු පෙන්වා දෙති.

සුවය ලැබූ බොහෝ රෝගීන් දෙවන මාත්‍රාවෙන් නිදහස් කිරීම ඉන්දියාවේ එන්නත් හිඟය පාලනය කිරීමට සැලකිය යුතු ලෙස ඉවහල් වන බව එම අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෝ පැවසූහ.

පිරිමි සහ ගැහැණු පාර්ශ්ව දෙකම ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 75ත් අතර පුද්ගලයින් මෙම විශේෂඥයින් කණ්ඩායම විසින් අධ්‍යයනය කරන ලදී.

එහි ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ සෙරොපොසිටිව් අවස්ථා වලදී දෙවන එන්නත, පළමු මාත්‍රාවට සාපේක්ෂව ප්‍රතිදේහ ඉහළ නංවා නැති බවයි.

කොවිඩ් ආසාදිත රෝගීන්, කොවිඩ් මධ්‍යස්ථ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් තුළ පවා කාර්යක්ෂම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දැක්වීමට එන්නතෙහි එක් මාත්‍රාවක් ප්‍රමාණවත් විය හැකි බව පෙර අධ්‍යයනයකින් ද යෝජනා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here