Home COVID සීමාව ලිහිල් වෙද්දී ඉහිල් වූ බාර් පෝලිම්

සීමාව ලිහිල් වෙද්දී ඉහිල් වූ බාර් පෝලිම්

සීමාව ලිහිල් වෙද්දී ඉහිල් වූ බාර් පෝලිම්

සංචරණ සීමා ඉවත් කළ අද(21) දින විශේෂිත ස්ථාන 3ක් ඉදිරිපිට පැය ගණනින් දිගු පොලිම් ලෙස ජනතාව සිටගෙන සිටිනු දක්නට ලැබුණි.

ඉන් එකක් වන්නේ බැංකුවල ඒටීඑම් යන්ත්‍ර කුටි ඉදිරිපිට ය. අනෙක උගස් මධ්‍යස්ථාන ඉදිරිපිට ය. අනෙක් දිගු පෝලිම් මත්පැන් අලෙවිසැල් සදහා දිගු පෝලිම් ය.

උගස් මධ්‍යස්ථාන ඉදිරිපිට වැඩිපුරම දක්නට ලැබුණේ කාන්තාවන් ය. ඒටීඑම් යන්ත්‍ර ඉදිරිපිට පොදුවේ දෙපාර්ශ්වයම දැකගත හැකි වූ අතර මේ දෙපිරිසම මීටරේ පරතරය තබාගෙන සිටගෙන සිටීමට උත්සහ කර ඇති අයුරු දක්නට ලැබුණි.

එහෙත් මත්පැන් හල් ඉදිරිපිට සිටියේ නම් මීටරේ පරතරයෙන් නොව, පිරිසක් එකට ලෙසින් බව බොහෝ ස්ථානවල දක්නට ලැබුණි. මාර්ගය අයිනේ සිට පෝලිම් තිබුණ ද අලෙවිසල කවුළුව ඉදිරිපිට නම් මීටරය තබා අඟලක් හෝ දුරකින් සිටිනු දැකගත නොහැකි විය.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද මත්පැන් හල් ඉදිරිපිට මිනිසුන් රැස්ව සිටිනු දක්නට ලැබුුුණු අයුරු. ‌ස්ථානය – කොට්ටාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here