Home උණුසුම් පුවත් දැඩි කොන්දේසි යටතේ හෙට සිට මත්පැන් ඔන්ලයින් ගන්න අවසර

දැඩි කොන්දේසි යටතේ හෙට සිට මත්පැන් ඔන්ලයින් ගන්න අවසර

දැඩි කොන්දේසි යටතේ හෙට සිට මත්පැන් ඔන්ලයින් ගන්න අවසර

අංජනා මල්ලවාරච්චි

අන්තර්ජාලය ඔස්සේ (online) ඇණවුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය හෙට(16) සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් ජී ගුණසේකර මහතා පැවසීය.

එම වැඩපිළිවෙලට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමිවූ අතර ඒ සඳහා covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැති අද පස්වරුවේ ලැබීමට නියමිතව තිබෙන බවද ගුණසේකර මහතා කීය.

online හරහා ඇණවුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම දැඩි කොන්දේසි 13ක් යටතේ සිදුකරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.

එක් පුද්ගලයෙකුට ඇණවුම් කළ හැකි උපරිමය විදේශ මත්පැන් ලීටර් 12ක් වන අතර බියර් ලීටර් 12ක් සහ දේශීයව නිෂ්පාදිත මත්පැන් ලීටර් 5ක් ලෙස ඇණවුම් කර හැකි ප්‍රමාණය සීමා කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here