Home උණුසුම් පුවත් කොළොන්නාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අඩංගුවට

කොළොන්නාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අඩංගුවට

කොළොන්නාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අඩංගුවට

කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට අදාළවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 සහ 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකි.

ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

එම යන්ත්‍රය මිලදී ගත් සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here