Home දේශීය පුවත් ගම්පහට ගැලූ ගංවතුර මධ්‍යම අධිවේගයේ ගමන ප්‍රමාද කරයි

ගම්පහට ගැලූ ගංවතුර මධ්‍යම අධිවේගයේ ගමන ප්‍රමාද කරයි

0
ගම්පහට ගැලූ ගංවතුර මධ්‍යම අධිවේගයේ ගමන ප්‍රමාද කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ කෙරන ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය වී තිබේ.

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවෙන් ගම්පහ නගරය ඇතුළු ගම්මාන රැසක් ජලයෙන් යටවීය. අසාමාන්‍ය ලෙස ජලයෙන් ගම්පහ යටවීමත් සමග ජනතාව ඒ ගැන චෝදනා කරනු ලැබුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ජලය බැසයාම අවහිර වීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවූ බවය.

එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම නැවත සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු ගම්පහ සිදුවන ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවූ බව එම කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here