Home උණුසුම් පුවත් සියක් නගරවලට පෙර 220 ලක්ෂයකගේ ජීවිත ලස්සන කරන්න – විපක්ෂ නායක

සියක් නගරවලට පෙර 220 ලක්ෂයකගේ ජීවිත ලස්සන කරන්න – විපක්ෂ නායක

සියක් නගරවලට පෙර 220 ලක්ෂයකගේ ජීවිත ලස්සන කරන්න – විපක්ෂ නායක

නගර සියය අලංකාර කිරීමට පෙර ලක්ෂ 220කගේ ජීවිත අලංකාර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ් පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි. එහෙත්, මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.” යැයි හෙතම කියා සිටී.

‘සියක් නගර’ ව්‍යාපෘතිය සදහා ඊයේ (8) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබූ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබද පහත නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here