Home දේශීය පුවත් ගල්කිස්සේ පාතාල වෙඩිල්ලෙ සැකකරු අල්ලයි

ගල්කිස්සේ පාතාල වෙඩිල්ලෙ සැකකරු අල්ලයි

0
ගල්කිස්සේ පාතාල වෙඩිල්ලෙ සැකකරු අල්ලයි

ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේදී බඩෝවිට පදිංචි 24 හැවිරිදි තරුණයෙකුට ඊයේ (19) වෙඩි තබා යතුරුපැදියකින් පළායමින් සිටි වෙඩික්කරු ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම වෙඩික්කරු කොටුකරගෙන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු පදිංචි නිවස අවට ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකි.

වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියාට ඔහු වෙඩි තැබීමට සූදානම් වී ඇති බවත් ගිනි අවිය ක්‍රියාත්මක නොවී බිම වැටීම හේතුවෙන් අනතුරක් වී නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

වෙඩික්කරු 47 හැවිරිදි වියේ පසුවන පොල්ගස්ඕවිට පංසල්වත්තේ පදිංචි කරුවෙකි.

ගල්කිස්ස, කොහුවල, බඩෝවිට යන ප්‍රදේශවල මත්කුඩු ආදිපත්‍ය වෙනුවෙන් විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන කොස්මල්ලී සහ බඩෝවිට අසංක නැමැති අයගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම් හා ඝාතන සිදුවෙමින් පවතින බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here