Home දේශීය පුවත් දඩයමේ ගිහින් සහෝදරයාට වෙඩි පත්තු කළ සහෝද රයින් කොටුවේ

දඩයමේ ගිහින් සහෝදරයාට වෙඩි පත්තු කළ සහෝද රයින් කොටුවේ

0

මහියංගනය ගල්ගේ යාය රක්ෂිතයේ සතුන් දඩයම් කිරීමටත් ගොස් සිටියදී සැකකටයුතු ලෙස වෙඩි වැදී පුද්ගලයකු මිය යාමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහියංගනය පොලීසිය ඒ සම්බන්දයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ සහෝදරයන් දෙදෙනෙක් සහ අසල්වැසියෙක් අද අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගනය ගොඩපෝරුයායේ පදිංචි තිදෙනෙකි. වෙඩි වැදුණු ගිනි අවියද පොලීසිය විසින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර සොයාගෙන තිබේ.

සිය සහෝදරයන් දෙදෙනා සහ අසල්වැසියෙක් සමඟ සතුන් දඩයම් කිරීමටත් ගිය එච්.එම්. ජයසූරිය (44) නැමැති අය වෙඩි වැදීමකින් මියයන්නේ පසුගිය 02 දාය. කැලෑවේදී බදින තුවක්කුවක් පත්තුවී සිය සහෝදරයා මියගොස් ඇති බව සඳහන් කරමින් සිරුර රක්ෂිතයෙන් පිටතට ගෙනවිත් තිබුණි. ඔවුන් පොලීසියට පවසා ඇත්තේ බිම්මල් කැඩීමට රක්ෂිතයට ගිය අවස්ථාවේදී වෙඩි වැදුණු බවය.

මේ සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේදී වෙඩි වැදුනේ යැයි කී ස්ථානයේ තිබී තුවක්කුව සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ ගැන දීර්ඝ ලෙස විමර්ශන පත්වමින් සිටියදී පොලිස් ස්ථානයට පැමිණි සැකකරුවන් තිදෙනා පොලීසියට භාරවෙමින් පවසා ඇත්තේ සිය සහෝදරයා වෙඩි වැදී මියගියේ තමන් අත වූ ගිනි අවිය පත්තුවීමෙන් බවය. රක්ෂිතයේදී අලියෙක් තමන් පස්සේ පැන්නූ බවත් එහිදී ගිනි අවිය අත්වැරදීමකින් පත්තු වී සහෝදරයාට වැදුණු බවත් ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here