හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කිරීමක් කළේය.
1986 අංක හතර දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන්ව ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත්, එම පනතේ කිසිම ස්ථානයක කොපමණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍යදැයි සඳහන්ව නැති බවත්, රජය විසින් මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ නොගන්නා බවත්, මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර එම නිර්දේශයන්ට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ විධිමත් ඇගයීමකින් පසුව ආරක්ෂාව සඳහා නිලධාරීන් පත් කිරීමට කටයුතු කළ බවත්. එමගින් සිදු කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් විසින් නිර්දේශ කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම මෙම ක්‍රියාවලියේදී කිසිසේත්ම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොවන බවත්, සිදුවී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදිය යුතු ආරක්‍ෂාවේ ප්‍රමාණයට සරිලන ආරක්ෂාවක් නිවැරදි ඇගයීමකින් පසුව ලබාදීම පමණක් බවත් , අවශ්‍ය ප්‍රමාණයට වඩා අනියුක්ත කර තිබූ අතිරික්ත නිලධාරීන් ඉවත් කිරීම පමණක් බවත්, මෙම ක්‍රියාවලිය මගින් සිදු කළේ සියලු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ කාර්යමණ්ඩල කිසියම් නිර්ණායකයන් මත නැවතත් ප්‍රමිති ගත කිරීම පමණක් බවත් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 60ක් , ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 228ක් වශයෙන් නිලධාරීන් ආරක්‍ෂාව සහ අනෙකුත් කටයුතුවලට යොදා ඇති බවත්, මෛත්‍රී පාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 04ක් සහ පොලිස් නිලධාරීන් 60ක් අනුයුක්ත කර ඇති බවයි, එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 118ක් සහ පොලිස් නිලධාරීන් 22ක් වශයෙන් ආරක්‍ෂාව සපයා තිබෙන බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 57ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ද, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියට පොලිස් නිලධාරීන් 60ක් ද, හේමා ප්‍රේමදාස මැතිණියට පොලිස් නිලධාරීන් 10ක් ද වශයෙන් නිවැරදි ඇගැයීමකින් පසුව ආරක්ෂාව ලබාදී ඇති බවයි.
2024 වර්ෂය තුළ පමණක් හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා විශාල වැය බරක් රජය දරා ඇති බවත්, එම මුදල් මහජනතාවගේ මුදල් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හට ත්‍රිවිධ හමුදාව විසින් 2024 වසර තුළ පසුගිය දෙසැම්බර් 15 දක්වා රුපියල් මිලියන 328ක් ද, ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 327ක් ද, ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 55ක් ද දරා ඇති බවත්, ඒ අනුව මුළු රුපියල් මිලියන 710ක වැය බරක් 2024 වර්ෂය ආරම්භයේ සිට පසුගිය දෙසැම්බර් 15 දක්වා දරා ඇති බවත් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් නඩත්තුව සඳහාද එනම් , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් රුපියල් මිලියන 06ක් ද, ශ්‍රී ලංකා පොලිසියෙන් රුපියල් මිලියන 185ක් ද, ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 16ක් ද, වශයෙන් රුපියල් මිලියන 207ක වැය බරක් දරා ඇත.
එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව රුපියල් මිලියන 258ක් ද, ශ්‍රී ලංකා පොලිසිය රුපියල් මිලියන 39ක් ද, ජනාධිපති කාර්යාලය රුපියල් මිලියන 10ක් ද, වශයෙන් මුළු මුදල රුපියල් මිලියන 307ක වැය බරක් දරා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය මාස තුන ඇතුළත පමණක් ත්‍රිවිධ හමුදාව රුපියල් මිලියන 19ක් ද, ශ්‍රී ලංකා පොලිසිය රුපියල් මිලියන 60ක් ද, ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 03ක් වශයෙන් මුළු මුදල රුපියල් මිලියන 82ක් දරා ඇත.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බරක් දරා නොමැති අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 99ක් ද, ජනාධිපති කාර්යාලය රුපියල් මිලියන 12ක් ද වන පරිදි ම් රුපියල් මිලියන 110ක වැය බරක් දරා ඇත.
හේමා ප්‍රේමදාස මැතිණිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බරක් දරා නොමැති අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 30ක් ද, ජනාධිපති කාර්යාලය විසින් රුපියල් මිලියන 03ක් ද ලෙස රුපියල් මිලියන 32ක වැය බරක් දරා ඇත.
ඒ අනුව රුපියල් මිලියන 1448 ක වැය බරක් පසුගිය මාස එකොළහ මාර ඇතුළත විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ජනාධිපතිවරියන් නඩත්තු කිරීම සඳහා මහජනතාව දරා ඇති බව ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
අවසන් වශයෙන් අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රජය තමා හෙට ලබා දුන්නු ජන වර්මය අභිලාෂ යනුව කටයුතු කරනන බවත් , ඒ වෙනුවෙන් කැපවෙන බවත් , ලබන සතියේ සිට පොලිසිය විසින් සපයා තිබෙන ආරක්ෂාව හැර විශ්‍රාමික ජනාධිපතිවරයෙන් වෙත සපයා ඇති ත්‍රිවිධ හමුදාවේ සියලුම ආරක්ෂාවන් සහ අනෙකුත් රාජකාරි වලින් ඔවුන් ඉවත් කරන බවත් සය මසකට වරක් සිදු කරනු ලබන ආරක්ෂක තක්සේරුවකින් පසු ඊට අනුකූල ආරක්ෂාව සපයනු ලබන බවත්, මෙම තීරණ නිසා මෙතෙක් වැය වූ මුදලින් දළ වශයෙන් රුපියල් මිලියන 1200කට ආසන්න මුදලක් වාර්ෂිකව ඉතිරි කර ගැනීමට හැකි බවත්, ආරක්ෂක විශේෂඥයන් දන්වා තිබෙන නිර්දේශ අනුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පොලිස් නිලධාරීන් 60ක් සහ පොලිසිය එක් රථයක්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රථ 03 ක්,
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොලිස් නිලධාරීන් 60 සහ පොලිසියේ එක් රථයක්, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රථ 03ක්,
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොලිස් නිලධාරීන් 22ක් සහ පොලිසියේ එක් රථයක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 03ක්,
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොලිස් නිලධාරීන් 60ක් සහ පොලිසියේ රථයක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ 03 ක්.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පොලිස් නිලධාරීන් 60ක් සහ පොලිසියේ රථයක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ 03ක්,
හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් සහ පොලිසියේ එක් රථයක් , ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන දෙකක්.
යෙදවීම සඳහා තීරණ ගෙන ඇති බවත්, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පමණක් නොව සමස්ත මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් රජයක් හැටියට කැපවෙන බවත් ප්‍රකාශ කර සිටියේය.