Home දේශීය පුවත් මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ගමන් කළ ජ ිප් රථයේ ගැටී යාචක කතක් මිය යයි

මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ගමන් කළ ජ ිප් රථයේ ගැටී යාචක කතක් මිය යයි

0

සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ගමන් කරමින් තිබුණු ජිප් රථයේ ගැටී වෙන්නප්පුවේදී කාන්තාවක් මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදී කොළඹ – පුත්තලම මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් බවත් ඇය යාචක කාන්තාවක් බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here