මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස ඇති කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සොයා ගත් බව විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.
මෙම ගිනි අවිය සමඟ පතොරම් බහාලන කොපු දෙකක්ද හමුවී ඇත.
ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ගිනි අවිය සොයාගෙන ඇත.