Home දේශීය පුවත් කුඩුකාර පුතත් එක්ක එකතුවෙලා පොලිස් තාත්ත ා ගමේ මනුෂයෙකුට හොදටෝම තඩි බාලා

කුඩුකාර පුතත් එක්ක එකතුවෙලා පොලිස් තාත්ත ා ගමේ මනුෂයෙකුට හොදටෝම තඩි බාලා

0

මාර්ගය අයිනේ වාහනයක් නතර කිරීම තුළින් තමාට අවහිරයක් උනා යැයි කියමින් පොලිස් සැරයන්වරයෙකු සිය පුතා සමඟ එක්ව පුද්ගලයකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

මැණික්හින්න උයන්වත්තේ පදිංචිකරුවෙක් වන ඉගුරුවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම පොලිස් සැරයන්වරයා සිය පුතාත් සමඟ එක්ව පහරදී ඇත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ පදිංචිකරුවෙකුටය.

එම පුද්ගලයා සිය මෝටර් රථය මාර්ගය අයිනේ නතරකර තිබියදී එතැනට පැමිණ අතින් පයින් හා පොල්ලකින් පොලිස් සැරයන්වරයාත් ඔහුගේ පුතාත් ඊයේ පහරදී ඇති බව පොලීසිය කියයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මැණික්හින්න රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබයි. මෙම පහරදීම සම්බන්ධයෙන් 58 හැවිරිදි පොලිස් සැරයන්වරයිත් ඔහුගේ පුතාත් මැණික්හින්න පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් සැරයන්වරයාගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ මෙයට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට ගත් අයෙක් බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here