Home උණුසුම් පුවත් කොළඹ නි.මැතිවරණ කොමසාරිස් ඔෆිස් කාමරේ මියගිහින්

කොළඹ නි.මැතිවරණ කොමසාරිස් ඔෆිස් කාමරේ මියගිහින්

0
කොළඹ නි.මැතිවරණ කොමසාරිස් ඔෆිස් කාමරේ මියගිහින්

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ඔහුගේ කාර්යාලය කාමරයට යාබදව ඇති විවේක කාමරයේ මියගොස් සිටියදී සිරුර අද උදෑසන කාලයේදී හමුවී තිබේ.

සිය පවුලේ ඥාතියෙකුගේ මළ ගෙදරකට ගොස් මාතර සිට ඊයේ පැමිණ ඇති රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා රැය පහන් කර ඇත්තේ ඔහු මියගොස් සිටි කාමරයේ බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.

රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා උදෑසන අවදි නොවීමත් කාමරය වසා තැබීමත්, කාමරයෙන් කිසිදු ප්‍රතිචාරයත් නොවීමත් හේතුවෙන් රියදුරු ඒ ගැන කළ සොයා බැලීමේදී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා නිදන ඇද මත මියගොස් සිටියදී හමුවී තිබේ. ලේ වමනය පවා ඔහුට ගොස් ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here