Home දේශීය පුවත් කුෂ් කිලෝ 02ක් වීරඹුගෙදර රේගු පාර්සල් අංගනයෙන් සොයා ගනී

කුෂ් කිලෝ 02ක් වීරඹුගෙදර රේගු පාර්සල් අංගනයෙන් සොයා ගනී

0
කුෂ් කිලෝ 02ක් වීරඹුගෙදර රේගු පාර්සල් අංගනයෙන් සොයා ගනී

විදේශයකින් මෙරටට ආනයනයකර තිබුණු භාණ්ඩ තොගයක් අතර තිබී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 105ක් අඩංගු පාර්සලයක් වීරඹුගෙදර පිහිටි ශ්‍රී ලංකා රේගු පාර්සල් පරීක්ෂා කිරීමේ අංගනයේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීණ් විසින් සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ආනයනය කළ පුද්ගලයාව හදුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය තොගය වීරඹුගෙදර පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here