Home දේශීය පුවත් ව්‍යාපාරිකයාගේ නිදන ඇදේ මෙට්ට යට සැඟවූ ලක්ෂ 12ක විදෙස් මුදල් ඉස්සූ සිසුන් දෙදෙනා කොටු

ව්‍යාපාරිකයාගේ නිදන ඇදේ මෙට්ට යට සැඟවූ ලක්ෂ 12ක විදෙස් මුදල් ඉස්සූ සිසුන් දෙදෙනා කොටු

0
ව්‍යාපාරිකයාගේ නිදන ඇදේ මෙට්ට යට සැඟවූ ලක්ෂ 12ක විදෙස් මුදල් ඉස්සූ සිසුන් දෙදෙනා කොටු

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ නිදන කාමරයේ ඇද මෙට්ටය යට සඟවා තිබූ නවසීලන්ත ඩොලර් 6,500ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඥාතී දරුවන් දෙදෙනෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 1,215,000 පමණ වටිනා එම මුදල් සොරාගත් දරුවන් දෙදෙනා වයස අවුරුදු 16 සහ 15 යන වයස්වල පසුවන්නන්ය. මෙම දරුවන් පාසල් යන වයසේ පසුවන්නන්ය.

මෙම සොරකම පසුගිය ජූලි 07 දිනත් නොවැම්බර් 15 දිනත් කාලයේදී සිදුව ඇති බව ව්‍යාපාරිකයා පසුගියදා කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here