Home උණුසුම් පුවත් ගැබිනි හෙදියන්ට සම්පූර්ණ නිවාඩුවම

ගැබිනි හෙදියන්ට සම්පූර්ණ නිවාඩුවම

ගැබිනි හෙදියන්ට සම්පූර්ණ නිවාඩුවම

අංජනා මල්ලවාරච්චි

හෙද සේවයේ නිරත ගර්භනී ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසුතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ගර්භණී භාවයට පත් හෙද හෙදියන්ට මුල් මාස 6 සේවය කළහැකි අතර ඔවුන් කොවිඩ් සහ ඩෙංගු අවදානම් අඩු ස්ථානවල සේවයට යොදවන බවද ඔහු කීය.

ඒ අනුව ගර්භනී හෙද හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මීට ඉහත නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නැවතත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර ඒ අනුව දරු ප්‍රසුතියට මාස තුනකට පෙර සෑම හෙදියකටම සම්පූර්ණ නිවාඩු හිමි වන බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here