Home උණුසුම් පුවත් පෝස්ටර් ගලවන්න ගිය සිවිල් ආරක්ෂක සෙබලුන්ට බඹරු අනී

පෝස්ටර් ගලවන්න ගිය සිවිල් ආරක්ෂක සෙබලුන්ට බඹරු අනී

0
පෝස්ටර් ගලවන්න ගිය සිවිල් ආරක්ෂක සෙබලුන්ට බඹරු අනී

නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ඉවත්කරමින් සිටි පූනෑව පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලු දෙදෙනෙක් බඹර ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා මැදවච්චිය දිසා රෝහලට ඊයේ (13) සවස ඇතුලත්කර ඇත.

මෙම සෙබලු දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් මැතිවරණයේ ජංගම ආරක්ෂක රාජකාරියේ නිරතව සිටියදී පූනෑව නාගදරනෑව මාර්ගයේ අලවා තිබූ පෝස්ටර් දැක එය ඉවත් කිරීමට යාමේදී බඹර ප්‍රහාරය එල්ලවී ඇතැයි පූනෑව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here