
අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.
ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 දින රැස්වනු ඇත.
එසේම පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්වේ.
නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 දින සිට 11 දක්වා සිදුකරන බව අදාළ ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2403-13_S.pdf”]