Home උණුසුම් පුවත් කැබිනට්ටුව හැකිළෙයි -අමාත්‍යාංශ 15කට ඇමතිලා තුනයි

කැබිනට්ටුව හැකිළෙයි -අමාත්‍යාංශ 15කට ඇමතිලා තුනයි

කැබිනට්ටුව හැකිළෙයි -අමාත්‍යාංශ 15කට ඇමතිලා තුනයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අද පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලය යටතේ අමාත්‍යාංශ 15ක් අමාත්‍යවරුන් තිදෙනකු යටතට පත්කර තිබේ.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම් දී තිබුණි.

එම අමාත්‍යාංශ බෙදී තිබුණේ මෙසේයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය

විජිත හේරත් මහතා

10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here