Home උණුසුම් පුවත් ඇඳිරි නීති කාලය දීර්ඝ කෙරේ

ඇඳිරි නීති කාලය දීර්ඝ කෙරේ

ඇඳිරි නීති කාලය දීර්ඝ කෙරේ

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(22) මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කෙරේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව නිවේදනය කර ඇත.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අනුව ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට ආරම්භ වූ පසුව ඊයේ (21) රාත්‍රී පැනවූු ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00 ට අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් නව තීරණය හේතුවෙන් එය අද මධ්‍යහ්න 12.00 දක්වා ක්‍රියාත්මක ය.

මේ අතර ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව පොලීසිය පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී, තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here