Home උණුසුම් පුවත් නිවසකට පැන ඡන්ද කාඩ් කොල්ලකෑ 06ක් සොයයි

නිවසකට පැන ඡන්ද කාඩ් කොල්ලකෑ 06ක් සොයයි

0
නිවසකට පැන ඡන්ද කාඩ් කොල්ලකෑ 06ක් සොයයි

නිවිතිගල දුම්මලවත්තේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකාරිනියකගේ නිවසකට කඩාවැදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 03ක් කොල්ලකෑ 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

පසුගිය 18 වෙනිදා සවස් කාලයේදි ඇගේ නිවසට කඩාවැදුණු 06 දෙනෙකුගේ කණ්ඩායමක් ඡන්ද කාඩ් රැගෙන ගොස් ඇත්තේ ඇයට තර්ජනයකර බව පොලීසිය කියයි.

මෙසේ ඡන්ද කාඩ්පත් කොල්ලකෑ පුද්ගලයින්ගේ දේශපාලන ලැදියාව ගැන පැහැදිලි තොරතුරක් අනාවරණය නොවන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම යමක් අනාවරණයකර ගැනීමට හැකිවනු ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here