Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය අධ්‍යයනයට ජනපති බ්‍රිතාන්‍යයේ සහය ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය අධ්‍යයනයට ජනපති බ්‍රිතාන්‍යයේ සහය ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය අධ්‍යයනයට ජනපති බ්‍රිතාන්‍යයේ සහය ඉල්ලයි

එක්ස් – ප්‍රේස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපතිවරයා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවේ දී ය.

කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව අදහස් පළ කළාය.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.

2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කළාය.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිවරයා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්විණ.

20.8%ක්ව පවතින ‘වන ආවරණය’ 30% ක් දක්වා වර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් ලබාදීමට ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය.

ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඉඩම් ගැටළු විසඳීම ඇතුළුව අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇන්ඩෲ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here