Home උණුසුම් පුවත් බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

බිනර පොහොය දිනය අදයි.

කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබාගත්හ.

ඒ අනුව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වන්නේ ද බිනර පොහෝ දිනයේයි.

අෂ්ඨගරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පහදා දීමෙන් පසු ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීම ද මෙම උතුම් පොහෝ දිනයේ දී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඩු සෑය ඉදිකිරීමත්, බුදුරාජාණාන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑරදුන් ඉදිකිරීමත් අද වැනි බිනර පොහොදිනක සිදුව තිබිම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here