Home දේශීය පුවත් උණුසුම් පුවත් තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද (05) යි.

ඊයේ දින (04) දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට (06) දිනයේදීත් පැවැත්වේ.

තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

ඊයේ පැවැති තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8.30 සිට ආරම්භ විය. ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4.00 ට අවසන් කෙරුණි.

කාණ්ඩ කිහිපයක් යටතේ අද සිට ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවසර හිමිවේ.

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා ඇත.

අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712, 319ක් සුදුසුකම් ලබා තිබේ.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here