Home special යුක්‍රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

යුක්‍රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

0
යුක්‍රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි
(FILES) Ukraine's Foreign Minister Dmytro Kuleba attends a joint press conference with his Norwegian counterpart following their talks in Kyiv on April 15, 2024, amid the Russian invasion of Ukraine. Ukrainian Foreign Minister Dmytro Kuleba has submitted his resignation, the speaker of parliament said on September 4, 2024, as part of a major government reshuffle. (Photo by Genya SAVILOV / AFP)

යුක්‍රේන රජයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරනු ලැබූ එරට විදේශ අමාත්‍ය ඩිමෙට්‍රෝ කුලෙබා එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කුලෙබා මෙලෙස සිය අමාත්‍යධුරයෙන් ඉවත්ව ඇත්තේ යුක්‍රේන කැබනට්ටුව සංශෝධනය කිරීමට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් තීරණය කිරීමත් සමඟයි.

ජනාධිපතිවරා මෙම තීරණය ගැනීමත් සමග යුක්‍රේන කැබිනට් මණ්ඩලයේ ප්‍රබලයින් කීපදෙනෙකුම සිය ධූරවලින් ඉවත් වීමට පියවරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ සතියේ සිදුකෙරෙන ප්‍රධාන ආණ්ඩු සංශෝධනයකින් කැබිනට් මණ්ඩලයෙන් අඩක් පමණ වෙනස් වන බව යුක්‍රේන පාලක ජනතා සේවක පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා පවසා ඇත.
මෙම වැඩපිළිවෙලත් සමඟ ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වන කුලේබා 2020 මාර්තු මාසයේ සිට එම තනතුරේ කටයුතු කර තිබණි.

යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් පසුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ යුක්‍රේන රජය නියෝජනය කරමින් සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයා වූයේ කුලෙබාය. ඔහු පසුගිය කාලය පුරාවට ලොව පුරා නායකයින් හමුවීමෙන් සහ චතුර ඉංග්‍රීසි බස භාවිතා කරමින් රුසියාව සමඟ පවතින යුධ ගැටුම් වලට අවශ්‍ය ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කටයුතු කළේය.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම යුක්‍රේනය තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කර අතර ඒ සමඟ එරට පැවැත්වීමට නියමිත වූ සියලුම මැතිවරණ අත්හිටුවීමට පියවර ගැණිනි.
මේ අතර පසුගිය දින කීපය තුල රුසියාව විසින් දරුණු ප්‍රහාර මාලවක් යුක්‍රේනයට එල්ල කළ අතර බටහිර මාධ්‍ය වාර්තාවන්ට අනුව ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසකටද ජීවිත අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here