Home උණුසුම් පුවත් මැතිවරණ නීති කැඩූ ජනපතිගේ ආධාරකරුවන් 3ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ ජනපතිගේ ආධාරකරුවන් 3ක් අත්අඩංගුවට

0
මැතිවරණ නීති කැඩූ ජනපතිගේ ආධාරකරුවන් 3ක් අත්අඩංගුවට

ජනාධිපති අපේක්ෂක ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ තිදෙනෙක් පුදුකුඩිඉරිප්පු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පුදුකුඩුඉරිප්පුවල පදිංචි යුවලක් සහ වවුනියාවේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබී එජාප සාමාජික ඉල්ලුම් පත්‍ර කට්ටල 74න්ද ද සම්පූර්ණ නොකල ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයද සහිත සාමාජික ඉල්ලුම්පත් 290ක්ද සම්පූර්ණ නොකල පවුලේ පුද්ගලයින්ගේ විස්තර ඇතුලත් පෝරම 225ක්ද තිබී හමුවූ බව පොලීසිය කියයි.

මුලතින් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් මුරලිදරන් මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here