Home උණුසුම් පුවත් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද ඇරඹෙයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද ඇරඹෙයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ අද ආරම්භ වන තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල දින සහ ස්ථාන ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව සහ ඔවුන්ගේ නිල ඡන්ද සලකුණු පහතින් දැක්වේ.

 

අද දිනට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 05 සහ 06 යන දිනවලදී සිදු කෙරේ.

කෙසේවෙතත් අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here