Home උණුසුම් පුවත් “ලබන 22න් පස්සේ ජනතාව ජීවත් කරවන යුගයක් අරඹනවා”

“ලබන 22න් පස්සේ ජනතාව ජීවත් කරවන යුගයක් අරඹනවා”

“ලබන 22න් පස්සේ ජනතාව ජීවත් කරවන යුගයක් අරඹනවා”

ජනතාව ජීවත් කරවන පොදුජන යුගයක් ආරම්භ කරන බව සමගි ජනබලවේග‍යේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තම ප්‍රතිපත්ති මාලාව තුළින් ඉදිරිපත් කළ සියලු දේ යථාර්ථයක් කොට අභිමානවත් රටක් පුරවැසියාට ගොඩනැගීමට සූදානම් බව ඔහු පෙන්වා දුන්නේ ‘දිනන සජිත්’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි මාලාවේ තවත් ජන රැළියක් පූගොඩදී පැවැති අවස්ථාවේදී ය.

ගොවිජනතාව වෙනුවෙන් දිය හැකි සෑම සහනයක්ම තමන් ලබා දෙන බවද ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබා දුන් පොරොන්දු තමන් ඒ අයුරින්ම ඉටු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටි..

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් මැදවච්චියේ පැවති ජන රැලියකදී ඒ මහතා මේ බව කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here