Home උණුසුම් පුවත් මේ දවස්වල කල්පනාවෙන් ඉන්න.. -කතෝලික රදගුරු සමුළුව

මේ දවස්වල කල්පනාවෙන් ඉන්න.. -කතෝලික රදගුරු සමුළුව

මේ දවස්වල කල්පනාවෙන් ඉන්න.. -කතෝලික රදගුරු සමුළුව

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් සහ ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කිරීමක් කර තිබේ.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය වන බව එහි දැක්වේ.

දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව එමගින් සඳහන් කර ඇත.

බොරු පොරොන්දු ලබාදෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යැවීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කර තිබේ.

රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේදී මානව, ස්වභාවික සහ භෞතික සම්පත් නාස්තිය මෙන්ම වැරදි කළමනාකරණය වළක්වාලීම පිළිබඳව ඡන්ද දායකයින්ගේ අවධානය යොමු විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් අදාළ නිවේදනය මගින් ඉල්ලා සි‍ටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here